|
පාණදුර නගර සභා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද මෙවර ශීෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දුවා දරුවන් වෙනුවෙන් වු දෙමළ සම්මන්ත්‍රණය ප්‍රවීණ දේශක රසීඩ් මොහොමඩ් ඉජාස් මහතාගේ මෙහෙයවීමෙන් 2023.10.04 දින පාණදුර නගර ශාලාවේදී පැවැත්විණ.
පාණදුර නගර සභාවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අනුග්‍රාහයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද වෙරළ ළමා උද්‍යානය විවෘත කිරීම හා පාණදුර නගර සභා පෙර පාසල් වල ඉගෙනුම ලබන දරුවන්ගේ දක්ෂතා එළි දක්වමින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම 2023.10.01 දින පෙ.ව. 8.30ට පාණදුර වෙරළ උද්‍යානයේදී සිදු කරන ලදී.
පාණදුර නගර සභාව මගින් පාලනය වන මිගටේටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය උත්සවය ප්‍රවීන දේශක නාට්‍ය වේදී ජනක් ප්‍රේමලාල් මහතාගේ දායකත්වයෙන් ,ජීවිතය, ගීතය හා සාහිත්‍ය රසාස්වාදය මැයින් දේශනයක් 2023.09.15 දින පාණදුර නගර ශාලාවේදී පැවැත්විණි.
පාණදුර නගර සභාව විසින් සංවිධානය කරන ලද අන්තර් පළාත් පාලන ආයතන සුහුද ක්‍රිකට් තරඟාවලිය 2023.07.26 - 27 දෙදින නගර සභා ක්‍රිඩාංගනයේදි පැවැත්විණි.
ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය , පාණදුර නගර සභාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු තවත් රාජ්‍ය ආයතන රැසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලැබු ජගත් පරිසර දින සැමරුම ජුනි 8,9,10 සහ 11 දින පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා නගර ශාලාවේදී හා එම පරිශ්‍ර යේදී පවත්වන ලදී. nusa365
ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය , පාණදුර නගර සභාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව පාණදුර මුහුදු තීරයේ කැස්බෑ තොරතුරු ම්‍යස්ථානය විවෘත කිරීම ගරු ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
සීග්‍රයෙන් වි ්‍යාප්ත වන ඩෙංගු රෝගය හේතුවෙන් කාර්යමණ්ඩලය සම්බන්ධ වී කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන 2023.05.12 වන දින සිදු කරන ලදී.
වෙසක් පොහොය නිමිත්තෙන් නගර සභා කාර්යය මණඩලය විසින් සංවිධානය කරන ලද කොස් දන්සල 2023.05.09 වන දින ප.ව. 4.00 සිට කාර්යාල ඉදිරිපිටදී දෙන ලදී.
වෙසක් පොහොය නිමිත්තෙන් නගර සභා කාර්යය මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද මහා පහන් කූඩුව 2023.05.05 වන දින සිට 2023.05.10 දින දක්වා කාර්යාල භූමියේදී ප්‍රදර්ශනය කරන ලදී.
වෙසක් පොහොය නිමිති කොටගෙන නගර සභා කාර්යය මණ්ඩලය මගින් සංවිධානය කරන ලද සිසිල් පැන් දන්සල කාර්යාල පරිශ්‍ර ෙය්දී සිදු කරන ලදී
ගල්ගොඩ ශ්‍රී මහ විහාරයේ ගරුතර මහ සංඝරත්න සහ සිල් සමාදන් සැදැහැවතුන් අධිෂ්ඨාන ධර්ම චාරිකාවේ යෙදමින් පාණදුර ගුණානන්ද පිළිරුව වෙත ලගා වී එම ස්ථානයේ පහන් දැල්වීම නගර සභාවේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
2023.05.03 දින පාණදුර බොදු පුර වෙසක් මංගල්‍ය යේ පිංකම් මාලාව වෙනුවෙන් ගල්ගොඩ ශ්‍රී මහ විහාරයේ ධාතු මන්දිරයට ව්‍යාංජන 32 ක් සහිත දහවල් සම්බුද්ධ ජුජාව ජුජා කිරීම සඳහා නගර සභාවේ දායකත්වය ලබා දීම.
වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන පිණ්ඩපාතික දානමය පුණ්‍ය කර්මය ස්වාමීන් වහන්සේලා සියක් නමක් උදෙසා ගිලන්පස දානමය පිංකමක් කාර්යාල පරිශ්‍ර යේදී සිදු කරන ලදී.
නගර සභාව මගින් පාලනය වන වෑකඩ පුස්තකාලය මගින් සංවිධානය කරන ලද අවුරුදු උළෙල 2023.04.23 වන දින එම පුස්තකාල භූමියේදී සිදු කරන ලදී.
නගර සභා සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද ,සෙනෙහසේ අවුරුදු උලෙළ - 2023. වැඩසටහන සියළු චාරිත්‍ර වලට මුල්තැන දෙමින් 2023.04.24 දින පෙ.ව. 9.30 සිට දවස පුරා කාර්යාල පරිශ්‍රෙය්දී පවත්වන ලදී.
නගර සභා කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද කිරි දානමය පිංකම සභා කාර්යාලයේදී සිදු කරන ලදී.
මිගෙට්ටුවත්තේ ගුණානන්දහිමි අනුස්මරණ මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබු ,සාහිත්‍ය උළෙල 2023, ගරු සභාපති තුමාගේ ප්‍රධානත්වයෙන් පාණදුර නගර ශාලාවේදී පවත්වන ලදී.
සභාපති තුමාගේ උපදෙස් මත නගර සභාවේ නිලධෘරින් හා සේවක මහත්ම මහත්මීන් උදෙසා ධාරිතා සංවර්ධනය හා මානසික සුවතාව පිළිබඳ වැඩමුළුව 2022.11.19 වන දින පවත්වන ලදී. එම දේශනය මෙහෙයවීම සඳහා මහාචාර්ය මංගල ෆොන්සේකා මහතා විසින් සිදු කරන ලද අතර, සභාපති තුමා, උප සභාපති තුමා, නාගරික මන්ත්‍රීන් හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ගරු සභාපති තුමාගේ උපදෙස් මත නගර සභා සීමාව තුළ අඩු ආදායම්ලාභී අ.පො.ස. (සා.පෙළ,) හා අ.පො.ස. (උ.පෙළ.) සිසුන් සඳහා ශිෂ්‍යාධාර ප්‍රධානය ගරු සභාපති තුමා , ගරු උප සභාපති තුමා, ගරු මන්ත්‍රී මණ්ඩලය හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2022.10.18 දින නගර ශාලාවේදී පවත්වන ලදී.
මිගෙට්ටුවත්තේ ගුණානන්දහිමි අනුස්මරණ මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දිනය සැමරීමේ උත්සවය 2022.10.01 දින නගර ශාලාවේදී පවත්වන ලදී.
2022 වර්ෂය සඳහා ගලවැටි මෝදර පෙර පාසල මගින් සංවිධානය කරන ලද "සිගිති පෙරහැර" 2022.08.17 දින පවත්වන ලදී.
රුක්රෝපණ දිනයට සමගාමීව පාණදුර පොලිස් ස්ථානයේ පරිසර අංශයේ අනුග්‍රහයෙන් හා ප්‍රජා අංශය මගින් සංවිධානය කරන ලද "වෙරළ තීරයේ පැළ සිටුවීමේ වැඩසටහන" සභාපති තුමා, උප සභාපති තුමා, නාගරික මන්ත්‍රී තුමන්ලා හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2022.09.16 දින සිදු කරන ලදී.
සභාපති තුමා හා ලේකම් තුමියගේ උපදෙස් මත පාණදුර නගරයට පැමිණෙන ජනතාවට පහසුවෙන්,
01. ජල , විදුලි ඇතුළු විවිධ උපයෝගිතා බිල්පත් ගෙවීම.
02. Reload දැමීම
03. බැංකු සහ රක්ෂණ ගණුදෙනු කරීම
ආදී කටයුතු සඳහා නගර සභා භූමියේ (කොමර්ෂල් බැංකුව හා පීසා හටි ආයතන දෙකය ආසන්නව ) සවිකර ඇති කිඔස්ක් (KIOSK) යන්ත්‍රය ඔබ වෙනුවෙන් විවෘතව ඇත.
නගර සභා සේවකයින් යොදවා ආරම්භ කරන ලද පැල තවානෙහි පැල සහන මිලට සභාවේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට හා සභවෙන් සේවා සපයා ගැනීමට පැමිණෙන ජනතාවට අඩු මිලට විකිණිම සභා පරිශ්‍රයේදී සිදු කරන ලදි.
පොසොන් පොහොය නිමිත්තෙන් සාගර මාවත පුස්තකාලය , පාඨක සමාජය හා එක්ව සංවිධානය කරන ලද ,ඔසුපැන් දන්සල, 2022.06.15 වන දින ප.ව. 3.00 සිට පුස්තකාල භූමියේදී පවත්වන ලදී.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ මහජන පුස්තකාලය මගින් වෙසක් උත්සවය නිමිතිකොට ගෙන සංවිධානය කරන ලද ,වෙසක් බැති ගී සරණිය, 2022.05.27 දින නාගරික මන්ත්‍රී තුමන්ලා හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් නගර ශෘලාවේදී පවත් වන ලදී.
නගර සභාව මගින් පාලනය වන කවිරාජ මාවත මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද , පැළ බෙදා දීමේ වැඩසටහන, 2022.03.30 වන දින නාගරික මන්ත්‍රීන් හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය නිමිති කොට ගෙන පෙර පාසල් දුවා දරුවන් සඳහා සංවිධනය කරල ලද ,ක්‍රීඩා උත්සවය, දු දරුවන්ගේ සහභාගීත්වයෙන් පෙර පාසල් තුලදී පවත්වන ලදී.
කාන්තා දිනය නිමිති කොටගෙන ප්‍රජා අංශය මගින් සංවිධානය කරන ලද ,සුවනාරි සායනය හා බෝ නොවන රෝහ පරීක්ෂාව, හා දැනුවත් කීරීමේ වැඩසටහන 2022.03.15 වන දින කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. තවද ජාතික මට්ටමේ ප්‍රවීනයන්ගේ ක්‍රීඩා තරඟ උළෙලේ විශේෂ දක්ෂතාවන් පෙන්වා නව තරඟ වාර්තාවක් ලබාගත් ලංකා ක්‍රිෂාන්ති මහත්මියට ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම හා ඇයට තිළිණ ප්‍රධානය කිරීමද මේ අවස්ථාවේදී සිදු කරන ලදී.
පාණදුර නගර සභාව මගින් පාලනය වන මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ මහජන පුස්තකාලය මගින් සංවිධනය කරන ලද කාන්තා දින සැමරුම් උත්සවය සභාපති තුමා, නාගරික මන්ත්‍රීන් හා ලේකම් තුමියගේ සහභාගීත්වයෙන් 2022.03.08 වන දින නගර ශාලාවේදී පවත්වන ලදී.
74 වන නිදහස් දින සැමරුම නාගර්ක මන්ත්‍රීවරුන් හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී
2022 වර්ෂය සඳහා නගර සභා පෙර පාසල් සඳහා ළමුන් ඇතුලත් කර ගැනීම නිමිත්තෙන් සැවති සමාරම්භක උත්සවය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2022.01.12 වන දින පවත්වන ලදී.
2022 වර්ෂය ආරම්භය නිමිත්තෙන් සියළු අංශ එක්ව, සේවක සුභ සාධක සංගමය මගින් සංවිධානය කරන ලද පිරිත් පිංකම සභාපති තුමා, මන්ත්‍රී මණ්ඩලය, හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කාර්යාලයේදී සිදු කරන ලදී.
නගර සභා ප්‍රතිපාදන යොදවා තංතිරිමුල්ල ශාඛා පුස්තකාලය සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා එහි මුල්ගල තැබීමේ කටයුතු 2021.12.27 දින සභාපතිතුමා, මන්ත්‍රීතුමන්ලා හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
ප්‍රධාන පුස්තකාලයේ ළමා අංශය මගින් සංවිධානය කරන ලද නත්තල් උත්සවය ප්‍රධාන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
නගර සභා ප්‍රතිපාදන යොදා ගනිමින් සභාපති තුමා හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් කොරෝනා වෛරසයට ගොදුරු වු නගර සභා නිලධාරීන්ට හා සේවක මහත්ම මහත්මීන් හට වියලි ආහාර සහිත පාර්සලයක් ලබා දීම.
නගර සභාවේ නඩත්තු අංශයේ සේවකයන්ගේ කැප කීරිම මත YN-6873 දරණ ත්‍රී රෝද රථය අඩු වියදමින් අළුත්වැඩියා කර උප සභාපති තුමා වෙත භාරදෙන ලදී.
කොස් පැළ රෝපණය මගින් රට ස්වංපෝෂිත කිරීමට ජාතිය අවදිකළ දේශිය ආහාර රටාවක් පිළිබඳ අදහස ජන හදවත් තුළ රෝපණය කළ, සංහල භාෂාව සහ බෞද්ධ හැදියාව පිළිබඳ ධනාත්මක ආකල්ප රෝපණය කළ, සිංහල බෞද්ධ අධ්‍යාපනය ස්ථාපිත කිරීමට පුරෝගාමීව ක්‍රියාකළ අමද්‍යප ව්‍යාපාරයේ මුල් පුරුකක් වු ,කොස් මාමා, නමින් විරුධාවලිය ලත් ගරු ආතර් වී දියෙස් ශ්‍රීමතාණන්ගේ 135 වන ජන්ම දින සැමරුම උදෙසා නගර සභාව මගින් සංවිධානය කළ , ගුණානුස්මරණය සහ කොස් පැළ බෙදා දීමේ උත්සවය , පෙබරවාරි 12 වන දින ආතර් වී දියෙස් උද්‍යානයේ එම මහතාගේ පිළිරුව අභියසදී සභාපති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
ප්‍රජා අංශය හා පරිසර ඒකකය මගින් නගර සභා නාගරික ගෙවත්තේ වගාකරන ලද එළවළු හා පළතුරු වල ළුල නෙලා ගැනීම....
2021 වර්ෂය සනිටුහන් කරමින් සියළු අංශ එක්ව සුභ සාධක සංගමය මගින් සංවිධානය කරන ලද සෙත් පිරිත් දේශනාව හා පැළ සිටුවීමේ වැඩසටහන 2021.01.01 දින ගරු සභාපති තුමා, නාගරික මන්ත්‍රීන් හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත අනුකූලව පවත්වන ලදී.
2020 අයවැය යෝජනා යටතේ නගර සභා බල ප්‍රදේශය තුල අඩු ආදායම්ලාභි පවුල් වල ඉගෙනුම ලබන දරුවන් සඳහා ශිෂ්යා ධාර ලබාදීම 2020.12.30 දින දැඩි සෞඛ්‍ය ආරක්ෂිතව සභාපති, ලේකම් ඇතුළු නාගරික මන්ත්‍රෘවරුන්ගේ ප්‍රධානත්වයෙන් පාණදුර නගර ශාලාවේදි සිදු කරන ලදී
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන නගර සභා සීමාවේ සියළු විභාග ම්‍යස්ථාන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ අධීක්ෂණය යටතේ විෂබීජ හරණය සිදුකරන ලදී.
පාණදුර නගර සභාව, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ මහජන පුස්තකාලය හා සිංහ සමාජය හා එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ කදවුර පුලි 12 වන දින පෙ.ව. 8.30 සිට පස්වරු 1.30 දක්වා පාණදුර නගර ශාලාවේදී සිදු කරන ලදී.
කොරෝනා වෛරසය හේතුවෙන් සභාවේ සේවයේ නියුතු කර්මාන්ත හා සෞඛ්‍ය අංශයේ සේවකයින්ට ආරක්ෂිත ඇදුම් කට්ටල ලබා දෙන ලදී.
කොරෝනා වෛරසය හේතුවෙන් සභාවේ සේවකයින් හට සභා ප්‍රතිපාදන යොදවා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ කටයුතු සිදු කරන ලදී.
කොරෝනා වෛරසය හේතුවෙන් ඇදිරි නීතය පනවා ඇති මොහොතක වුවද නගර සභාවේ සභාපති තුමා , මන්ත්‍රී මණ්ඩලය, ලේකම් තුමිය හා නිලධාරින් සේවයට වාර්තා කර රාජකාරි වල නිරත වෙන ලදී
පාණදුර නගර සභාවේ අත්‍යවශ්‍ය සේවා සිදුකරන සේවකයින් වෙනුවෙන් දිවා ආහාරය නගර සභා සේවකයින් විසින්ම සකස් කර බෙදා දෙන ලදී.
• පාණදුර නගර සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව වෙළඳසැල් හිමියන් දැනුවත් කර ඇදිරිනීති කාලය තුල අත්‍යවශ්‍ය ආහාර නගරය පුරා බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කිරීම හා ඊට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
කොරෝනා වෛරසය මැඩලීමේ එක් පියවරක් ලෙස පාණදුර නගරයේ ජනතාව නිතර ගැවසෙන රෝහල , බස් නැවතුම් පොල, නාගරික උද්‍යානය, හා ප්‍රධාන මාර්ග අසල අත සේදීමට පහසුවන පරිදි නගරය පුරා වතුර ටැංකි 12 ක් හා අත සේදුම් දියර ස්ථාපනය කරන ලදී.
පවතින කොරෝනා වෛරස වසංගත තත්වයේදී පවා නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයන් විසින් නිවාස වල හා මාර්ගවල එකතු වන කසල සුපුරුදු පරිදි නියමිත ක්‍රමවේදයකට අනුව පවත්වාගෙන යන ලදී.
නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ සෞඛ්‍ය අංශයේ සේවකයින් යෙදවා මහජනතාව ගැවසෙන ප්‍රදේශ හා විශේෂයෙන් හදුනාගත් පහත ස්ථාන ජීවානුහරණ දියර ඉසින යන්ත්‍රය මගින් විෂබීජ හරණය දෛනිකව සිදු කරන ලදී.
1. පාණදුර නර්සින් හෝම් (COVID 19 සැක සහිත රෝගියෙකු සිටි)
2. ATM යන්ත්‍ර ආශ්‍රිතව
3. ප්‍රදේශීය ලේකම් කාර්යාලය අවට හා වෙළදසැල් ආශ්‍රීතව
4. නගර සභා සකල අංගනය, කර්මාන්ත අංගනය, සෞඛ්‍ය අංශ වැනි සේවකයින් ගැවසෙන ස්ථාන
ගලවැටිමෝදර පෙර පාසල මගින් සංවිධානය කරන ලද දානමය පිංකම 2020.02.28 දින සිදු කරන ලදී.
ගරු නගරාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු උප නගරාධිපති තුමාගේ, ගරු නාගරික මන්ත්‍රී තුමන්ලාගේ හා ගරු ලේකම් තුමියගේ සහභාගීත්වයෙන් 2020 ජනවාරි 22 දින පෙ.ව. 8.30 ට උඩහමුල්ල ශාඛා පුස්තකාලයේදී පිරිත් පිංකම පවත්වන ලදී
2020 වර්ෂය සනිටුහන් කරමින් සියළු අංශ එක්ව සුභ සාධක සංගමය මගින් සංවිධානය කරන ලද සෙත් පිරිත් දේශනාව හා සේවකයින් ඇගයීමේ වැඩසටහන 2020.01.01 දින පෙ.ව. 9.00ට ප්‍රධාන කාර්යාලයේදී සිදු කරන ලදී.
නගර සභාව මගින් පාලනය වන පෙර පාසල් 05 සඳහා නවක සිසුන් බඳවා ගැනීම ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් නගර සභා කාර්යය මණ්ඩලය සඳහා පැවැත්වු දෙමළ භාෂා පුහුණු පාඨමාලාවේ කළ එළි දැක්ම 2019.10.05 වෙනි දින ප.ව. 1.00 ට පාණදුර නගර ශාලාවේදී පවත්වන ලදී.
නගර සභාව මගින් සංවිධානය කරන ලද පුනරුද සාහිත්‍ය උළෙල 2019.12.23 වන දින ගරු සභාපති තුමා , ගරු නාගරික මන්ත්‍රීන් හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් නගර ශාලාවේදි පවත්වන ලදී.
සභා අරමුදල් යොදවා සාදවන ලද ළමා උද්‍යානය ජනාතා අයිතියට පත් කිරීම ගරු සභාපති , ගරු නාගරික මන්ත්‍රීන් හා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
සොලමන් මාවත මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන හා සෞඛ්‍ය සායනය 2019.10.26 වන දින සොලමන් මාවත පුස්තකාලයේදී ගරු සභාපති තුමා, ගරු නාගරික මන්ත්‍රීන් සහ ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
ප්‍රජා සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද පොල් පැල බෙදා දීම ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
පාණදුර නගර සභාව හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ මහජන පුස්තකාලය එක්ව සංවිධානය කරනු ලබන සෞඛ්‍ය වෛද්‍ය සායනය 2019.09.23 දින පෙ.ව. 7.30 සිට 11.30 දක්වා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
නගර සභාව මගින් පාලනය වන තුඩුව පුස්තකාලය විසින් සංවිධානය කරන ලද ,ළමා ලෝකය සුරකිමු, වැඩසටහන පාණදුර රාජකීය විද්‍යාලයේදී 2019.09.20 දින පවත්වන ලදී.
පාණදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානයේ හා වෑකඩ පෙර පාසල් ක්‍රීඩාංගනයේ පැළ සිටුවීමේ උත්සවය 2019.09.17 දින පෙ.ව. 10.00 ට සිදු කරන ලදී.
නගර සභාවේ සෞඛ්‍ය අංශය හා පාණදුර නගරයේ පිහිටි රාජ්‍ය ආයතන එක්ව ,අපේ දෑතින් අපේ නගරය පිරිසිදු කරමු, තේමාව යටතේ සංවිධානය කරන ලද නගර අලංකරණ විශේෂ ශ්‍රමදානය අගෝස්තු මස 30 වන දින පෙ.ව. 8.00 සිට පවත්වන ලදී.
නගර සභාව මගින් පාලනය වන පෙර පාසල් 5 සඳහා 2020 වර්ෂය වෙනුවෙන් නිල ඇදුම් බෙදා දීමේ උත්සවය 2019.08.28 දින සභාපති තුමාගේ ප්‍රධානත්වයෙන් පාණදුර නගර ශාලාවේදී පවත්වන ලදී.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පානදුර එඩික්ස් ආයතනයේදී පවත්වන ලදී
පාණදුර නගර සභාවේ සේවකයින්ගේ සෞඛ්‍ය තත්වය නංවාලීම උදෙසා සෞඛ්‍ය අංශය හා නෙස්ලේ ආයතනය එක්ව සංවිධානය කරන ලද ,සෞඛ්‍ය සායනය, 2019.08.09 දින පාණදුර නගර සභා ප්‍රධාන කාර්යාලයේදී පෙ.ව. 10.00 සිට පවත්වන ලදී.
2019.08.12 හා 13 දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා විවෘත මලල ක්‍රීඩා තරඟයේ යගුලිය / කවපෙත්ත / මිටිය විසිකිරීමේ තරඟ ත්‍රිත්වයෙන්ම නගර සභාවේ සේවයේ නියුතු ලංකා ක්‍රිෂාන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් ප්‍රථම ස්ථාන හා තරඟාවලියේ ශූරතාව දිනා ගන්නා ලදී.
පාණදුර නගර සභා ක්‍රීඩා සමාජය නියා්ජනය කරමින් 2019 ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ විවෘත මලල ක්‍රීඩා තරඟාවලියේ යගුලිය හා කවපෙත්ත විසිකිරීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා ලදී.
පාණදුර නගර සභාවේ ගර්හිත තත්වයේ පැවති LE - 7486 දරණ මහේන්ද්‍රා කැබ් රථය සභා සේවකයින් යොදවා අඩු වියදමින් අළුත්වැඩියාකර 2019.08.02 දින සභාපති තුමා වෙත භාරදෙන ලදී.
නගර සභාවේ ප්‍රජා අංශය මගින් සංවිධානය කරන ලද මත් උවදුර දුරලීමේ වැඩසටහන නගර සභා කාර්යාලය ඉදිරිපිටදී සිදු කරන ලදී.
පාණදුර නගර සභාව තවත් ප්‍රජා සත්කාරයක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදි නදීපා රණසිංහ මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් පාණදුර වෙරළ තීරයේ ළමා උද්‍යානය පිළිසකර කිරීමට සාකච්ඡා කරන ලදි.
නව සභාව පත්වී වසරක කාලයක් පිරීම නිමිත්තෙන් කර්මාන්ත අංශයේ නව පරිපාලන කාර්යාලය සහ රථ වාහන යන්ත්‍රෝපකරණ නඩත්තු අංශය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීම හා කම්පැක්ටර් රථය ජනතා අයිතියට පත් කිරීමේ නිල උත්සවය 2019 මාර්තු 21 දින පෙ.ව. 8.40 යෙදී ඇති සුභ මොහොතින් සිදු කරන ලදී
ජාතික ඝන අපද්‍රව්‍ය සහායක මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන මත අපද්‍රව්‍ය කළමනාකරණයට අදාලව යන්ත්‍රෝපකරණ බෙදා දීමේ වැඩසටහන යටතේ තෝරාගත් පළාත් පාලන අතරට එක්වු පාණදුර නගර සභාවට කම්පැක්ටර් රථයක් පරිත්‍යාග ලෙස ලැබී ඇත.
සභාව මගින් පවත්වාගෙන යනු ලබන මෝදරවිල ශාඛා පුස්තකාලය ලක්ෂ 15 ක සභා අරමුදලින් නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීම 2019.01.01 දින පෙ.ව. 10.00 ට යෙදුන ශුභ මොහොතින් ගරු සභාපති නන්දන ගුණතිලක මැතිතුමා හා නාගරික මන්ත්‍රී වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
පාණදුර නගර සභාව විසින් සංවිධානය කරනු ලබන ආරාධිත රාජ්‍ය ආයතන අතර, ක්‍රිකට් තරඟාවලිය 2019. ජනවාරි 27 වන ඉරු දින පෙ.ව. 8.00 සිට නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
පාණදුර නගර සභාවෙන් තවත් සමාර මෙහෙවරක් ඉදිරියට තබමින් පෙබරවාරි 04 දින පෙ.ව. 8.00 ට වලාන ශ්‍රී සරණපාලාරාම මහා විහාරස්ථානයේදී මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී.
|