පාණදුර නගර සභාව | ||
පුවත්
ලෝක ළමා දින වැඩසටහන - 2023
පාණදුර නගර සභාවේ අධික්ෂණය යටතේ ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද වෙරළ ළමා උද්‍යානය විවෘත කිරීම හා පාණදුර නගර සභා පෙර පාසල් වල ඉගෙනුම ලබන දරුවන්ගේ දක්ෂතා එළි දක්වමින් සංදිඛානය කරනු ලබන ලෝක ලමා දින උත්සවය
2023.10.01 වන දින පෙ.ව. 8.30 වෙරළ ළමා උද්‍යාන පරිශ්‍ර යේදී පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා.........
Update Time :2023-09-27 12:36:00
ජගත් පරිසර දින සැමරුම් ප්‍රදර්ශනය 2023
ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය , පාණදුර නගර සභාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු තවත් රාජ්‍ය ආයතන රෑසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලබන ජගත් පරිසර දින සැමරුම
ජුනි 08,09, සහ 10 යන දිනවල පාණදුර නගර ශාලාව සහ ඒ අවට පරිශ්‍රෙය්දී පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා
ඔබ සැමට ආරාධනා ...... nusa365
Update Time :2023-09-12 21:31:00
KIOSK යන්ත්‍රය ස්ථාපනය කිරීම.
සභාපති තුමා හා ලේකම් තුමියගේ උපදෙස් මත, පාණදුර නගරයට පැමිණෙන ජනතාවට පහසුවෙන්,
# ජල, විදුලි ඇතුළු විවිධ උපයෝගිතා බිල්පත් ගෙවීම.
# RELOAD දැමීම
# බැංකු හා රක්ෂණ ගණුදෙනු කිරීම
ආදී කටයුතු සඳහා නගර සභෘ භූමියේ (කොමර්ෂල් බැංකුව හා පීසා හට් ආයතන දෙකට ආසන්නව) සවිකර ඇති KIOSK යන්ත්‍රය ඔබ වෙනුවෙන් විවෘතව ඇත.
Update Time :2022-09-09 11:48:00
පෙර පාසල් සඳහා දරුවන් ඇතුලත් කිරීම - 2022
වසර 30 පළපුරුද්ද සහිත ඩිප්ලෝමාධාරී ගුරුවරියන් විසින් මෙහෙයවන නගර සභාව මගින් නොමිලේ පවත්වනු ලබන පෙර පාසල් සඳහා 2021.11.01 දින සිට 2021.12.05 දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.
අයදුම්පත්‍ර
# අදාල පෙර පාසල් වලින්
# නගර සභා ප්‍රධාන කාර්යාලයේ මුර කුටියෙන්
# ප්‍රධාන පුස්තකාලයෙන්
# නගර සභා වෙබ් අඩවියෙන් ලබාගත හැක
Update Time :2021-11-12 13:10:00
ආරාධනා.......
රට ස්වයංපෝෂිත කිරිමට ජාතිය අවදිකළ
පාණදුර පුරවරයට අභිමානයක් වු
ආතර් වී දියෙස්
ශ්‍රීමතාණන්ගේ
ජන්ම දිනය නිමිතිකොට
පාණදුර නගර සභාවේ ගරු සභාපති
නන්දන ගුණතිලක මැතිතුමාගේ
මගපෙන්වීම යටතේ
2021.02.12 වන දින..
පෙ.ව. 8.00 ට
ආතර් වී දියෙස් උද්‍යානයේ
එතුමන්ගේ පිළිරුව ඉදිරිපිට පැවැත්වෙන
ගුණානුස්මරණය සහ කොස් පැළ බෙදා දීමේ
උත්සවය සඳහා
ඔබ සැමට ආරාධනා..
ලේකම්,
පාණදුර නගර සභාව...
Update Time :2021-02-10 12:55:00
පුරසිරි වන පියස රුක් රෝපණ වැඩසටහන
ආරාධනාවයි...
පුරසිරි වන පියස රුක් රෝපණ වැඩසටහන
ගරු නගරාධිපතිතුමාගේ ප්රහධානත්වයෙන්
හා
ගරු උප නගරාධිපතිතුමාගේ,ගරු නාගරික මන්ත්රී්වරුන්ගේ හා මන්ත්රීනවරියන්ගේ
සහභාගිත්වයෙන්
2020.02.04-පෙ. ව 8.00 -ආතර් වීදියෙස් නාගරික උද්‍යානය
2020.02.04- පෙ.ව 9.00- වලාන පෙර පාසල
2020.02.04- පෙ.ව10.00 - ආයුර්වේද ඔසු උයන
2020.02.04 - පෙ.ව 11.00 මිනුවම්පිටිය සුසාන භූමිය
යන ස්ථාන වල දී රුක් රෝපණ වැඩ සටහන් පැවැත්වෙන බැවින්
එම අවස්ථාවට සහභාගි වන ලෙස ඔබතුමාට/ඔබතුමියට
ගෞරවයෙන් ආරාධනාකර සිටිමි.
ලේකම්
නගර සභාව - පානදුර
Update Time :2020-02-05 10:45:00
උඩහමුල්ල නගර සභා පුස්තකාලයේ පිරිත් පිංකම
ගරු නගරාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු උප නගරාධිපතිතුමාගේ, ගරු නාගරික මන්ත්‍රීතුමන්ලාගේ සහභාගීත්වයෙන් 2020 ජනවාරී 22 දින පෙ.ව. 8.30 ට උඩහමුල්ල ශාඛා පුස්තකාලයේදී පිරිත් පිංකම පැවැත්වෙන බැවින් එම අවස්ථාවට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.
ලේකම්,
නගර සභාව,
Update Time :2020-03-05 15:46:00
සාහිත්‍යය උත්සවය
පාණදුර නගර සභාවේ
ගරු නගරාධිපතිතුමාගේ
ප්‍රධානත්වයෙන්
පවත්වනු ලබන
පුනරුද සාහිත්‍ය උළෙල
2019 දෙසැම්බර් මස 23 වැනි
සදු දින පෙ.ව. 8.30 ට
පාණදුර නගර ශාලාවේදී
ජීවිතය විනිවිදින සංගීත රසවින්දනය
සමගින්
ප්‍රවීන ගීත රචක
වසන්ත කුමාර කොබවක මහතා
සහ
ප්‍රවීන ලේඛක හා දේශක
සඳරුවන් ලියනාරච්චි
මහතාගේ
සම්පත් දායකත්වයෙන්
පැවැත්වේ.
ඔබට / ඔබ සැමට ආරාධනා
ලේකම්
පාණදුර නගර සභාව.
Update Time :2019-12-20 13:19:00
ළමා පෝෂණය හා රැකවරණය වැඩසටහන
ප්‍රජා අංශය මගින් සංවිධානය කරන ලද ,ළමා පෝෂණය හා රැකවරණය .,,පිළිබඳව පාණදුර නගර සභාවේ පෙර පාසල් සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2019.10.03 වන දින පාණදුර මුලික රෝහලේ මානසික හා කායික රෝග වෛද්‍ය චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
Update Time :2019-10-16 12:21:00
නගර සභා පරිසර පොල
පිරිසිදු පුරවරයක් - සුන්දර රටක් තේමාව යටතේ නගර සභා පරිසර පොළ ආරම්භ කර ඇත. ඔබගේ නිවසේ දෛනිකව එකතුවන නොදිරන කසල සෑම මසකම සිකුරාදා දිනයන්හි පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා දුම්රිය පොල අසල ඇති කසල අංගනයේදී භාර ගනු ලැබේ. එහිදී පහත සඳහන් ද්‍රව්‍ය අප වෙත ලබා දිය හැක.
ටීන්, වීදුරු, ප්ලාස්ටික් , පෙට් බෝතල්, පොල් කටු, පාට වීදුරු, යකඩ, පී.වී.සී.
ඉහත සඳහන් ද්‍රව්‍ය පිරිසිදු තත්වයෙන් වෙන වෙනම කවර වල බහා අප වෙත ලබා දීමට කාරුණික වන්න.
Update Time :2019-10-10 12:13:00
ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරඟය - 2019
2019.08.12 හා 13 දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරඟයේ යගුලිය / කවපෙත්ත / මිටිය විසිකිරීමේ තරඟ ත්‍රිත්වයෙන්ම පාණදුර නගර සභාවේ සේවයේ නියුතු ලංකා ක්‍රිෂාන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් ප්‍රථම ස්ථාන හා තරඟාවලියේ ශූරතාවය දිනා ගන්නා ලදී.
Update Time :2019-09-03 15:15:00
නව ගොඩනැගිල් විවෘත කිරීම
නව සභාව පත්වී වසරක කාලයක් පිරීම නිමිත්තෙන් කර්මාන්ත අංශයේ නව පරිපාලන කාර්යාලය සහ රථ වාහන යන්ත්‍රෝපකරණ නඩත්තු අංශය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරිම හා කම්පැක්ටර් රථය ජනතා අයිතියට පත් කිරීමේ නිල උත්සවය 2019 මාර්තු මස 21 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 8.40 ට යෙදී තිබෙන ශුභ මොහොතින් සිදුකිරීමට සියළු කටයුතු සුදානම් කර ඇත. එම අවස්ථාවට සහභාගී වන මෙන් ඔබ සැමට ආරාධනා කර සිටිමු
ලේකම්,
පාණදුර නගර සභාව
Update Time :2019-03-19 14:36:00
නවීකරණය කරන ලද මෝදරවිල ශාඛා පුස්තකාලය ජනතා අයිතියට පත් කිරීම
නගර සභාව මගින් පවත්වාගෙන යනු ලබන මෝදරවිල ශාඛා පුස්තකාලය ලක්ෂ 15 ක සභා අරමුදලින් නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීම 2019.01.01 දින පෙ.ව. 10.00 ට යෙදුන සුභ මොහොතින් පාණදුර නගර සභාවේ ගරු සභාපති නන්දන ගුණතිලක මැතිතුමා හා නාගරික මන්ත්‍රීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
Update Time :2019-02-01 13:33:00
අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ බෙදා දීමේ වැඩසටහන
ජාතික ඝන අපද්‍රව්‍ය සහායක මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන මත අපද්‍රව්‍ය කළමනාකරණයට අදාලව යන්ත්‍රෝපකරණ බෙදා දීමේ වැඩසටහන යටතේ තෝරාගත් පළාත් පාලන අතරට එක්වු පාණදුර නගර සභාවට 2019.02.08 දින කම්පැක්ටර් රථයක් පරිත්‍යාග ලෙස ලැබී ඇත.
Update Time :2019-02-09 13:24:00
සුර්ය බල සංග්‍රාමය
සුර්ය බල ශක්තියේ ප්රගතිශීලි හැරවුම හා එක්වෙමින්...
පාණදුර නගර සභාව විසින් , හෙද දවසේ අනාගතය උදෙසා යෝධ පියවරක් ඉදිරියට තබන ලදී.
ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් වන ජේ. ලංකා ටෙක්නොලජීස් (පුද්.) සමාගම හා එක්වෙමින් පාණදුර නගර සභා ප්‍රධාන කාර්යාලයේ සුර්ය පැනල පද්ධතියක් සවිකිරීමට කටයුතු කරන ලදී.
Update Time :2019-02-14 09:14:00 | ||